නිල නිවේදනය

උණුසුම් පුවත්
නිල නිවේදනය
Posted on 01st July, 2021 by

2020 වර්ෂයේ විද්‍යාලයේ සිදුකල ඉදිකිරීමක් සම්බන්ධයෙන් 2021.06.30 දින සිට සමාජ මාධ්‍ය ඔස්සේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍යය තොරතුරු සම්බන්ධ පාසලේ නිල නිවේදනය

 ආදිශිෂ්‍ය මව් ශාඛාවේ මූලිකත්වයෙන් විද්‍යාලය සඳහා බෞද්ධ මන්දිරයක් ඉදිකිරීමේ කටයුතු 2017 වර්ෂයේ ආරම්භ කරන ලදී. එහිදී යෝජිත බිම් ප්‍රදේශයට ආසන්නව දිරාපත් වූ අතු සහිත මැයි මාර ගස් තුනක් තිබූ හෙයින් එය ඉදිකිරීමේ කටයුතු වලට හා පාසලේ ගොඩනැගිලි වලට හා දරුවන්ට අනාරක්ෂිත බැවින් අදාල ගස් ඉවත් කල යුතු බවට මුලින්ම යෝජනා කලේ ආදි ශිෂ්‍ය මවු ශාඛාව විසිනි.

ඒ අදහස විද්‍යාලයීය බෞද්ධ සංගමයේ අනුශාසක සහකාර විදුහල්පති ගරු පූජ්‍ය ඉත්තදෙමළියේ පඤ්ඤාරතන හිමි ඇතුළු මහා සංඝරත්නය ඇතුළු පාසලේ කළමනාකරණ මණ්ඩලය,පාසල් සංවර්ධන විධායක කමිටුව ඒකමතිකව ස්ථිර කරන ලදී. ඉන්පසු වීරකැටිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ අනුමැතිය මත රාජ්‍ය දැව සංස්ථාවේ මාතර ප්‍රාදේශීය කළමනාකරු මගින් ඉවත් කිරීමට අනුමැතිය ලැබෙන විටත් එක ගසක් කඩා වැටී පාසලේ සන්නිවේදන පද්ධතිය විදුලි පද්ධතියටද හානි විය. ඒ අනුව එම ගස් රාජ්‍ය දැව සංස්ථාව මගින් කපා ඉවත් කරගෙන යන ලදී.

පාසලට වසර ගණනක් තිස්සේ සුන්දරත්වය සෙවන ලබා දුන් ගසක් කැපීම අකමැත්තෙන් වුවද සිදු කළේ ඉන් පාසලේ ගොඩනැගිලි වලට දරුවන්ට හානියක් විය හැකි බව අදාල අංශ විසින් නිරීක්ෂණය කර අනුමැතිය ලබා දුන් නිසාවෙනි.

මෙහි සත්‍ය තත්ත්වය විකෘති කරමින් යම් යම් පෞද්ගලික අභිමතාර්ථ ඉටු කරගැනීමට පාසලේ කීර්තිනාමයට හා විදුහල්පති භූමිකාවට සිදුකරනු ලබන අපකීර්තිය පිළිබද විද්‍යාලයීය බලවත් කණගාටුව පළ කරන අතර දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

පාසල් සංවර්ධන කටයුතු සඳහා මීට පෙර අවස්ථාවලදී අකමැත්තෙන් වුවද එවකට රාජකාරී කල විදුහල්පතිවරු ගස් ඉවත් කර ඇත. උදාහරණයක් ලෙස බාලක නේවාසිකාගාරය අසල දැනට ඉදිවී ඇති තෙමහල් තාක්ෂණික විද්‍යා පීඨය ඇති ස්ථානයේ තිබූ විශාල මාරගස් 03 ක්ද ඉවත් කිරීමට සිදුවිය.මෙහිදී අදාල අනුමැතීන් හා නිර්දේශවලට යටත්ව එකල ආයතන ප්‍රධානීන්ට අදාල ගස් ඉවත් කර ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. එහි ප්‍රතිලාභ දරුවන් භුක්ති විදිමින් සිටී.

- ඉදිකල බෞද්ධ මන්දිරයේ අපේක්ෂිත අරමුණු    - 

දෛනිකව අව්වෙන් වැස්සෙන් බාධාවක් නොවී දෛනිකව දරුවන් 50 දෙනෙකුට ආගමික වතාවත් සිදු කිරීමට හැකිවීම.

සිසුන්ගේ අධ්‍යාත්මික ගුණවගාවන් ප්‍රගුණ කිරීමට භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

සහන කාලච්ඡේද සඳහා බෞද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම 

විද්‍යාලයට පරිත්‍යාගයක් ලෙස හිමිවූ මෙහි සියළු ඉදිකිරීම් කටයුතු සිදුකලේ ආදි ශිෂ්‍ය සංගමය මගිනි එහි භාණ්ඩාගාරිකතුමා විසින් අවශ්‍ය අවස්ථා වල ඒ වෙනුවෙන් වැයවූ මුදල් හා එකතු වූ මුදල් පිළිබද විස්තර විධිමත් අයුරින් ඉදිරිපත් කර ඇත.

බෞද්ධ මණ්දිරයේ ඉදිකිරීම් කටයුතු සඳහා සහය වූ සියලු දෙනාටම විද්‍යාලයීය ගෞරවපූර්වක ස්තූතිය හා පුන්‍යානුමෝදනා පුදන්නෙමු. මෙම සත්කාරයේ වටිනාකම අවබෝධ කර ගනිමින් එහි කොටස් කරුවන් වන්න. පාසල සුරකින බව හගවමින් පුද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමේ අරමුණින් පාසලේ කිර්තිනාමයට හානි නොකරන්න.